
වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.
වයස අවුරුදු 75 සහ ඊට වැඩි වයස්ගත රැකවරණ මධ්‍යස්ථානවල සිටින හෝ වැඩිහිටියන්ට COVID-19 එන්නත් ලබාදීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.
නැතහොත් දරුණු රෝගාබාධ හෝ මරණ පිළිබඳ ඔවුන්ට වැඩි අවදානමක් පවතින බව ඔවුන් සඳහන් කළා.

ඒ අනුව aged care ආයතනවල එන්නත්කරණ අනුපාතය ඉහළ නැංවීම ඉතා වැදගත් බවයි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා අවධාරණය කරන්නේ.
වයස අවුරුදු 75 ට වැඩි රැකවරණ නිවැසියන්ගෙන් සියයට 45.8 ක් පසුගිය මාස 6 තුළ COVID එන්නත ලබා ගෙන ඇති බව දත්තවල දැක්වෙනවා.
එහෙත් වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට මාසික COVID-19 බූස්ටර් හයක් ලබා දෙන ලෙසයි ජාතික ප්‍රතිශක්තිකරණ මාර්ගෝපදේශන ආයතනය නිර්දේශ කර ඇත්තේ.
