
පුද්ගලයින් 8 දෙනෙකු හඳුනා ගැනීම වෙනුවෙන් මෙල්බන් පොලීසිය මහජනතාවගේ සහය පතනවා.
පසුගිය පෙබරවාරි 9 වන දින සීබීඩී හි ආරක්ෂක අංශ නිළධාරියෙකුට පහරදීමක් සම්බන්ධයෙන් මෙල්බන් පොලීසිය විසින් විමර්ෂණය ආරම්භ කර ඇති බව සඳහන්.
ඒ ACDC පටුමගෙහි ඇති බලපත්‍රලාභී ස්ථානයකට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමක් හේතුවෙන්.

ගැටුමෙන් 31 හැවිරිදි ආරක්ෂක නිළධාරියා ජීවිත තර්ජනයක් නොවන තුවාල සහිතව රෝහල් ගතව සිටිනවා.
එදින එම ස්ථානයෙන් පළාගිය ඔවුන් පිළිබඳ සීසීටීවී දර්ශන සහ පුද්ගලයින් අට දෙනාගේ ඡායාරූප පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කෙරුණා.
සිද්ධිය ඇසින් දුටු, දර්ශන හෝ තොරතුරු ඇති ඕනෑම අයෙකුට ඒ පිළිබඳව අපරාධ ස්ටෝපර්ස් අමතන්න හෝ රහසිගත අන්තර්ජාල වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Victoria crime news: Eight men sought by police over attack outside Melbourne club