Search

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට ප්‍රබල භූ කම්පනයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට ප්‍රබල භූ කම්පනයක් අද අලුයම හට ගෙන තිබෙනවා.

ඒ රික්ටර් මාපක ඒකක 4.6 ක අගයකින්.

ප්‍රදේශවාසින් ඉන් කම්පනයට පත්ව ඇති බවයි නිව් සවුත්වේල්ස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

අද අලුයම 2.55 ට පමණ මෙම භූ කම්පනය ඇති වූ අතර තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගොං දක්වා වෙරළ තීරය පුරා කම්පන තරංග වාර්තා වී තිබෙනවා.

3400 කට අධික පිරිසක් භූ කම්පනය ඇතී බවයි ඔස්ට්‍රේලියා භූ විද්‍යා අංශ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

සාමාන්‍යයෙන් රික්ටර් මාපක අගය 5 ලෙස සැලකෙන්නේ සැලකිය යුතු හානියක් සිදුවිය හැකි මට්ටමක් ලෙස භූ විද්‍යාඥයින් පවසනවා.

හන්ටර් ප්‍රදේශයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි පොලීසිය පවසන්නේ.

ඔස්ට්‍රේලියානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියාසිටියේ මෙම භූ කම්පනය ඔස්ට්‍රේලියාවේ කිසිදු ප්‍රදේශයකට සුනාමි තර්ජනයක් නොමැති බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »