Search

විරුවන් සිහි කිරීමට කඩ සාප්පු වැසේ

යුද්ධමය කාල සීමවන්හිදී ඔස්ට්‍රේලියාව ආරක්ශා කරගත් සෙබලුන් සිහි කිරීම පිනිස වන Anzac දිනය අනිද්දා යෙදී තිබෙනවා.

මෙම ඇන්සාක් දිනයේදී ඇතැම් වෙළඳසැල් විවෘතව තිබෙන අතර ඇතැම් වෙලදසැල් දිනය පුරා වසා තැබෙනවා.

මේ වසරේ Anzac දිනයේදී නිව් සවුත් වේල්ස් හි, සිල්ලර වෙළඳසැල් සහ අවන්හල් වසා දැමීමටයි තීරනය කර තිබෙන්නෙ.

මත්පැන් වෙළඳසැල් විවෘත කිරීමද එදිනට තහනම් කල බවයි වාර්තා වුනේ.

වික්ටෝරියා සහ Nothern territory බොහෝ වෙළඳසැල් දහවල් 1 න් පසු විවෘත වනවා.