
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අප්‍රේල් 26 වන සෙනසුරාදා සිදුකෙරෙනවා.
උන්වහන්සේගේ දේහය අද දිනයේදී සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යන බව වතිකානය සදහන් කලා.
පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සාම්ප්‍රදායිකව සංකීර්ණ කටයුතු ලෙස සැලකුවද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය වසරේදී තම අවසන් කටයුතු සරල කිරීමට උපදෙස් ලබා දී තිබුනා.
සියවසකට වැඩි කාලයකට පසු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සොහොන් ගර්භයේ තැන්පත් නොකළ පළමු පාප් වහන්සේ උන්වහන්සේ වනු ඇති.

ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාවේ, උන්වහන්සේගේ ප්‍රියතම මැඩෝනා සිතුවම අසල මිහිදන් කිරීමට නියමිතයි.