
විෂ සහිත Easter chocolate eggs ශරීර ගත වීමෙන් බ්‍රසීලයේ හත් හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගොස් තිබෙනවා.
බ්‍රසීල කාන්තාවක් තම හිටපු සහකරුගේ නව පෙම්වතියටයි මෙම විෂ සහිත Easter eggs යවා තිබුනේ.
35 හැවිරිදි අදාල කාන්තාව පළිගැනීමේ අරමුණින් මෙය සිදු කර තිබෙන බවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදි කුරියර් සේවාවක් මගින් මෙම පාර්සලය පිටත් කර යවා තිබු අතර එය ලබාගත් බවටද එම කාන්තාව දුරකතන මගින් තහවුරු කරගෙන තිබෙනවා.
පාර්සලය ලබා ගත් කාන්තාව දරුවන්ට එම chocolate eggs බෙදා දී තිබූ තර ඒවා ආහරයට ගත් ඇගේ පුත්‍රයා ඉතා අසාධ්‍ය තත්වයට පත් වූ බවයි වාර්තා වුනේ.

13 හැවිරිදි ඇගේ දියණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබනවා.
සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇය සතුව තිබී චොකලට් බිත්තර සඳහා රිසිට්පත්, විග් දෙකක්, කතුරු, කාඩ්පත්, කියත් පිහියක් සහ සැක සහිත මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.