
ශුද්ධෝත්තම ෆ්‍රරැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මැතිවරණ ව්‍යාපාරය තරමක් අඩාල වී තිබෙනවා.
මේ හේතුවෙන් ඊයේ දිනයේදී දේශපාලන රැස්වීම් පවා නවතා තිබූ බවයි වාර්තා වන්නේ .
අද දේශපාලනය සඳහා දිනය නොවේ යනුවෙන් විපක්ෂ නායක පීටර් ඩටන් සදහන් කර තිබුනා.

දේශපාලනයේ යෙදීම වෙනුවට පාප්වහන්සේ පිලිබද ආවර්ජනය කරමින් දවස ගත කරන බවයි ඩටන් මහතා සදහන් කලේ .
මෙම කටයුත්ත සිදු කරනු ලබන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ගරු කිරීම සඳහා බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔහු පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වීමට අපේක්ෂා කරන අතර, අගමැති ඇල්බනීස් මහතා ඊයේ අලුයම මෙල්බන් නුවර ශාන්ත පැට්‍රික් ආසන දෙව්මැදුරේ පැවති දිව්‍ය පූජාවට සහභාගී වුනා.