Search

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

පාප් වහන්සේගේ දේහය මිනී පෙට්ටියක තැන්පත්කර වැතිර සිටින ඡායාරූප සාමාන්‍යෙයන් මුදාහරිනු ලබන්නේ මරණ උත්සවයට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

උන්වහන්සේගේ මරණය සනාථ කරන චාරිත්‍ර සිදුවී ඇත්තේ කාසා සැන්ටා මාර්ටා හි බිම් මහල් දෙව්මැදුරේ බව ද වාර්තා වනවා.

ඡායාරූපවල දැක්වෙන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ලී පෙට්ටියක දමා ඇති ආකාරයයි.

ශුද්ධ වූ රෝමානු පල්ලියේ කැමර්ලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල් පැයකට ආසන්න කාලයක් පැවති උත්සවයකදී නිල ප්‍රකාශය දන්වා තිබෙනවා.

මේ අතර අපෝස්තලික මාළිගාවේ පාප්තුමාගේ මහල් නිවාසයේ සහ කාසා සැන්ටා මාර්ටා හි පාප්තුමාගේ මහල් නිවාසය මුද්‍රා තබා තිබෙනවා.