
වාසනාවන්ත ඔස්ට්‍රේලියානුවන් කිහිප දෙනෙකු අහස අලෝකමත් කරන උල්කාපාත වර්ෂාවක් දැක ඇති බවට වාර්තා වනවා.
ඊයේ රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර අහසේ උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණයට අවස්ථාව සැලසෙන බවට නාසා ආයතනය දැනුම් දුන්නා.
ක්වින්ස්ලන්ඩ් හි ගිනිකොණ දිග ප්‍රදේශයේ සහ නිව් සවුත්වේල්ස් ඇතැම් ප්‍රදේශවලට මෙම අලංකාර දර්ශනය දැක ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

වාර්ෂික උල්කාපාත වාර්ෂාව ඊයේ අප්‍රේල් 21 වන දින උච්චතම අවස්ථාවට පත්වූ අතර ඇතැමුන් එය විශ්මයජනක බවට ප්‍රකාශ කර තිබෙනවා.
ඇතැමුන් ඒවා කොළ සහ නිල් පැහැති ගිනි බෝල ලෙස දැක ඇති බවයි වාර්තා වන්නේ.

කම්පනයට පත් රියදුරන් ඩෑෂ්කැම් දර්ශනවල අහස පුරා වේගයෙන් උල්කාපාත ඇදී යන අයුරු සටන් කර ඇති අතර ඇතමුන් ඒවා රූගත කිරීමක් ද සිදුකර තිබෙනවා.
අද දිනයේත් උල්කාපාත වර්ෂාවක් දැකගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට හැකිවනවා.
මේ අතර තවත් උල්කාපාත වර්ෂාවක් ලබන මැයි මස 6 සහ 7 දිනයන්හි ඔස්ට්‍රේලියානුවන්ට දැකගත හැකියි.