
බටහිර සිඩ්නි ප්‍රදේශය සංක්‍රමණිකයන්ගෙන් පිරි ඇතැයි බටහිර සිඩ්නි නගරාධිපතිවරයා පවසනවා.
නිවාස අර්බුදය විසඳීම සඳහා එරට සංක්‍රමණය වන සංඛ්‍යාව අඩු කරන බව විපක්ෂ නායක පීටර් ඩටන් ප්‍රකාශ කිරීමත් සමඟ සංක්‍රමණය පසුගිය සතියේ විශාල කතාබහට ලක් වූණා.
රටේ විශාලතම නගරවල මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් ඉතා තරඟකාරී කුලී වෙළඳපොළක් සමඟ පොරබදමින් සිටින අතර නිවාස මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතිනවා.

බටහිර සිඩ්නි නගරාධිපති ෆ්‍රෑන්ක් කාබෝන් පවසන්නේ ඔස්ට්‍රේලියානු රජය රට ජනාකීර්ණ කීරීම සඳහා තදාසන්න ප්‍රදේශවලට ජනතාව යොමුකරමින් සිටින බවයි.
සංක්‍රමණ කපා හැරීමෙන් නිවාස අර්බුදය විසදෙන්නේ දැයි පසුගිය සතියේ සිදුකළ මත විමසුමකදී 57% ක් එය සනාථ කර ඇති බවයි වාර්තා වන්නේ.
