
ඇප මත සිටින තරුණ අපරාධකරුවන්ට “වළලුකර මොනිටර්” පැළදවීමට වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණයෙන් සුදානම් වනවා.
තරුණ අපරාධ අවම කිරිමේ නඩු විභාගයවලට අදාල වයස අවුරුදු 14 ත් 18 අතර ඇප ලබන සිරකරුවන් සදහා මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.
තරුණයින් තම ඇප කොන්දේසි බැරෑරුම් ලෙස සැලකිය යුතු අතර ඔවුන්ගේ ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ඇති බව තේරුම් ගත යුතු බවයි නීතිපති සෝනියා කිල්කෙනි පැවසුවේ.

තවදුරටත් අදහස් දැක්වු නිතිපතිවරිය කියාසිටියේ ඉලෙක්ට්‍රෝනික නිරීක්ෂණ මගින් ඔවුන්ගේ ඇප කොන්දේසි වලට අනුකූල වීමට අමතර දිරිගැන්වීමක් වනු ඇති අතර උල්ලංඝනයන් සිදුවුවහොත් වහාම සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ට පහසු වනු ඇති බවයි.
ස්වයංක්‍රීය ගිණිඅවි, ගිනි තැබීම්, මෝටර් රථ සොරකම් සහ උග්‍ර නොවන නිවාස ආක්‍රමණ සම්බන්ධයෙන් ඇප ලබන සැකකරුවන්ට මෙම ක්‍රමය අත්හදා බැලීමට නියමිතයි.

මිට පෙර කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තය මෙම ක්‍රමය අත්හදා බලා තිබෙනවා.