
වාහන පැහැරගැනිමකදි තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කුවින්ස්ලන්ඩ් සන්ෂයින් වෙරළ තීරයේදියි මෙම සිදුවීම වාර්තා වන්නේ.
22 හැවිරිදි සහ 61 හැවිරිදි ඔවුන් බරපතල තත්වයෙන් රෝහල්ගත කල පසු මියගිය බව කුවින්ස්ලන්ඩ් පොලිසිය පැවසුවා.

මෝටර් රථයක් පැහැර ගැනීමට ලක්කළ 41 හැවිරිදි පුද්ගලයා ඉදිරියෙන් පැමිණි මියගිය යුවළ පැදවු කාර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබූ ස්වයංක්‍රිය පිස්තෝලයක් ද හමුවී ඇති බව සඳහන්.

හිසට සහ ශරීරයට තුවාල සහිතව සිටි ඔහු පොලිස් ආරක්ෂාව යටතේ සන්ෂයින් කෝස්ට් විශ්ව විද්‍යාල රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය කියාසිටියා.
පොලිසිය තහවුරු කළේ, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් ඇතුළු වැරදි 15 ක් සම්බන්ධයෙන් ඔහු ට චෝදනා එල්ල වී ඇති බවයි.