
ශ්‍රී ලංකාවේ කොළඹ අගරදගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නව පාප් වහන්සේ ලෙස තේරීපත්වීමේ අපේක්ෂක ලැයිස්තුවට නම් කර තිබෙනවා.
ඊයේ අභාවප්‍රාප්ත වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගෙන් පසු ඉදිරිපත්විය හැකි අපේක්ෂකයා ලෙස ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නම් කර ඇති බව සඳහන්.
විභව අනුප්‍රාප්තිකයන් ලෙස වොෂින්ටන් පරීක්ෂකයා ලෙස කාදිනල් රංජිත්, පිලිපීනයේ කාදිනල් ලුයිස් ටැග්ල්, ප්‍රංශයේ කාදිනල් ජින් මාර්ක් ඇවලීන් සහ ඉතාලියේ කාදිනල් පියෙට්රෝ පැරොල්න් වැනි කැපී පෙනෙන චරිත ඇතුළත් කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද ටුඩේ වෙබ් අඩවිය සඳහන් කරන්නේ කාදිනල් රංජිත් හිමිපාණන් ගෝලීය තරඟකරුවන්ගේ ලැයිස්තුවේ සඳහන් කර ඇති බවයි.
එමෙන්ම ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, ජාත්‍යන්තර කතෝලික ප්‍රවෘත්ති ආවරණයක මූලාශ්‍ර උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා කාදිනල්ගේ ගතානුගතික දේව ධර්මවාදී අදහස් සහ ගෝලීය නියෝජනය හේතුවෙන් අපේක්ෂකයෙකු ලෙස සැලකෙන බවයි.

මේ අතර වොෂින්ටන් ටයිම්ස් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සාම්ප්‍රදායික ස්ථාවරය පැහැදිලි කර අතර විශේෂයෙන් ලතින් පූජනීයත්වයට ඔහු දක්වන සහයෝගය එහිදී කැපීපෙනනු ඇති.
එමෙන්ම සමලිංගික විවාහවලට එරෙහිවීම, කාදිනල් විද්‍යාලය තුළ වඩාත් ගතානුගතික හඩවල් අතර ඔහු ඉදිරියෙන් පසුවන බවයි වොෂින්ටන් ටයිම්ස් පවසන්නේ.
කෙසේවෙතත් මීලඟ පාප් වහන්සේ තෝරාපත් කර ගැනීමේ දිනය තවම් ප්‍රකාශයට පත්කර නැහැ.