Search

ළමුන් සූදුවට ඇබ්බැහි කරන අන්තර්ජාල Video Games

ජනප්‍රිය වීඩියෝවලට දරුවන් වැඩි වශයෙන් ඇබ්බැහි කරවීම සඳහා විවිධ හානිකර උපක්‍රම යොදාගන්නා බවට වාර්තාවකින් හෙළිව තිබෙනවා.

CPRC සහ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ඉදිරිපත් කළ වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාකරන ළමුන් සූදුව වැනි විශේෂාංග ඇතුළු හානිකර මෝස්තර උපක්‍රම සමග මුදල් ඉපයීමේ ක්‍රම හඳුන්වාදීමෙන් ඔවුන් ඊට නැඹුරුවන බවයි පර්යේෂකයින් පවසන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, දරුවන් වැඩි වැඩියෙන් වීඩියෝ ගේම් ගැසීමට සහ වැඩි වියදම් කිරීමට පොළඹවන බව පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ (CPRC) ප්‍රධාන විධායක නිලධාරී එරින් ටර්නර් සඳහන් කළා.

වඩාත් සැලකිලිමත් වනුයේ දරුවන් සූදු විශේෂාංගවලට නිරාවරණය වීම සහ ක්‍රීඩාවේ මුදල් සමග භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹවීමයි.

ක්‍රීඩාවෙන් වටිනා යමක් ලැබෙනු  ඇතැයි බලාපොරොත්තුවෙන් අභිරහස් පෙට්ටි විවෘත කිරීම සඳහා ක්‍රීඩකයින්ට ගෙවීමට අවශ්‍ය බව දැනුම්දෙනවා.

කණගාටුවට කරුණ නම් ඉලෙක්ට්‍රොනික් සූදු මධ්‍යස්ථාන සඳහා දැඩි නීතිරීති පවතින නමුත් අන්තර්ජාලයේ ඇති වීඩියෝ ගේම් පාලනයට කිසිදු නීතියක් නොමැති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »