Search

නීති විරෝධී ඡන්ද පත්‍රිකාවන් ගැන විමර්ශනයක්

ස්වාධීන මන්ත්‍රී ඇලෙග්‍රා ස්පෙන්ඩර් ඉලක්ක කරගත් අනවසර මැතිවරණ පත්‍රිකාවක් ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) විසින් විමර්ශනයට ලක් කර තිබෙනවා.

වෙන්ට්වර්ත් හි නැගෙනහිර සිඩ්නි මැතිවරණ කොට්ඨාශයේ අනුමත නොකළ පත්‍රිකා 47,000 කට අධික ප්‍රමාණයක් බෙදා හරින ලද අතර එය ඕස්ට්‍රේලියාවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවටයි සදහන් .

මෙම පත්‍රිකාව වෙන්ට්වර්ත්හි ජනතාව නියෝජනය කරන බව පවසන නමුත් අවශ්‍ය අවසරය නොමැති බැවින් එහි මූලාශ්‍රය අපැහැදිලි බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ පිලිබදව AEC ආයතනයට පැමිණිලි ලැබී ඇති බව තහවුරු කළ අතර දැන් වගකිවයුත්තන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින අතර ඔවුන්ට දැඩි දඩ මුදල් ගෙවීමට සිදුවිය හැකි බවටයි වාර්තාවන්නේ .

පත්‍රිකාව ඡන්දදායකයින් නොමඟ යවා ඇති බවට ස්පෙන්ඩර්ට චෝදනා කරන අතර, ඇය එය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

ඡන්දදායකයින්ට නීති විරෝධී ප්‍රහාර නොව ඵලදායී අදහස් ලැබිය යුතු බව පවසමින් ඇය මඩ ගැසීමේ ව්‍යාපාරය විවේචනය කළ බවටයිසදහන් .

කලක් ආරක්ෂිත ලිබරල් ආසනයක් වූ වෙන්ට්වර්ත්, 2022 දී ස්පෙන්ඩර්ගේ ජයග්‍රහණයෙන් පසු ආන්තික ආසනයක් බවට පත් වූ අතර, එය එළඹෙන මැයි 3 වන දින පැවැත්වෙන මැතිවරණය සඳහා ප්‍රධාන සටන් බිමක් බවට පත් විය හැකි බවටයි අනාවරණය වන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »