Search

මෙල්බන් වල සංක්‍රමණිකයින් නිසා පීඩාවට​ ලක් වූ නගර​

මෙල්බර්න් හි පිටත මායිමේ පිහිටි මෙල්ටන් (Melton) නගරය තුළ තදාසන්න ප්‍රදේශවලට පසුගිය මූල්‍ය වර්ෂයේ වැඩිම නව සංක්‍රමණිකයින් ගේ පැමිණීමක් වාර්තා වී තිබෙනවා. 

ප්‍රසිද්ධ​ පාසල්,  දැරිය හැකි මිල ගණන් සහිත දේපළ​ මෙම සංක්‍රමණ වලට ප්‍රධාන හේතු කිහිපයක් බවයි ABS දත්ත වල දැක්වෙන්නේ.

විශාලතම වර්ධනයක් ඇති අනෙකුත් ප්‍රදේශ අතරට මෙල්බර්න් හි නිරිත දෙසින් Clyde, සිඩ්නි හි වයඹ දෙසින් පිහිටි Box Hill සහ සිඩ්නි හි බටහිරින් මාර්ස්ඩන් පාර්ක් (Marsden Park) ඊට ඇතුළත්.

එම ප්‍රදේශවල ජන ගහණය වර්ධනයට හේතු ලෙස​ විදේශීය සංක්‍රමණ, ප්‍රාන්ත අතර සංක්‍රමණ සහ ස්වාභාවික උපත් හඳුන්වා දී තිබෙනවා.

2000 වසරේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ස්ථිර සංක්‍රමණිකයන්ගෙන් බහුතරයක් 2021 සංගණන දත්ත වලට අනුව සිඩ්නි හෝ මෙල්බර්න් අවට තදාසන්න නගර වෙත පැමිණ ඇති බව සඳහන්.

මෙල්ටන් නගරාධිපති ස්ටීව් අබූෂි පැවසුවේ වික්ටෝරියා ප්‍රාන්තය සඳහා මෙල්ටන් ප්‍රදේශය වැඩිම සංක්‍රමණිකයින් සංඛ්‍යාවකගේ බර උසුලන බවයි.

මෙල්ටන් හි සෑම වසරකම නිවාස 5,500 ක් ඉදිකරන අතර, 2051 වන විට සංශෝධිත නිවාස ඉලක්කය නිවාස 109,000 ක්.

මෙල්ටන් නගරාධිපති ස්ටීව් අබූෂි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ නිවාස අර්බුදය පිළිබඳව වඩා හොඳ සැලසුමක් ලබා දෙන ලෙසයි. 

https://www.abc.net.au/news/2025-04-21/immigration-debate-federal-election/105182544

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »