
එක්සත් ජනපදයේ විද්‍යාඥයින් කණ්ඩායමක් මීට පෙර කිසිදා දැක නැති නිල් සහ කොළ මිශ්‍ර පැහැයෙන් යුතු නව වර්ණයක් සොයාගෙන .තිබෙනවා. මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ ඔවුන්ගේ ඇස්වලට ලේසර් කදම්භ එල්ල කළ අත්හදා බැලීමකින් පසුවයි. පසුගිය සිකුරාදා Science Advances සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම සොයාගැනීම ඉතා විශිෂ්ට ගණයේ සොයා ගැනීමක් බවට අධ්‍යයනයේ සම-කර්තෘ මහාචාර්ය රෙන් එන්ග් සඳහන් කලා. මහාචාර්ය එන්ග් කියාසිටින්නේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම "ඔලෝ" ලෙස හැඳින්වූ නිල්-කොළ වර්ණයක් දුටු බවයි. නමුත් ඔහු පැවසුවේ, ඔලෝ වර්ණය දැකීමට තාක්ෂණිකව ඉතා අපහසු බවයි. ඇතැම් වර්ණ අතර වෙනස හඳුනා ගැනීමට අපහසු වර්ණ අන්ධ පුද්ගලයින් මෙම වර්ණය පිළිබඳව දක්වන අදහස් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව සඳහන්.
සමහර විශේෂඥයින් පවසා ඇත්තේ මෙම නව වර්ණය පිළිබඳව තර්ක කිරීමට තවමත් අවකාශය ඇති බවයි. link: https://www.bbc.com/news/articles/clyq0n3em41o