Search

මාස 2 බිළිඳාට ලිංගික අතවර කළ දෙමාපියන්

සිය බිළිඳාට අමානුෂික ලෙස ක්‍රියාකළ දෙමාපියන් දෙදෙනෙකු පිළිබඳ ඇමරිකාවේ Wisconsin ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Madison අගනගරයේ ජීවත් වන මොවුන් සිය මාස 2 ක් වයසැති දරුවාට ලිංගික අතවර කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් දරුවා ඉපදීමට පෙර සිටම එසේ කිරීමට කුමන්ත්‍රණය කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

22 හැවිරිදි සහ 21 හැවිරිදි වියේ පසුවන මෙම දෙමාපියන්ගේ දුරකතනයේ තිබී ළමා කාමුක දර්ශන සම්බන්ධ සාක්ෂි හමුවී ඇතැයි මැඩිසන් පොලීසිය චෝදනා කරනවා.

සිය මාස 2 ක් වයසැති බිළිඳාට ලිංගික අතරවර කළ බවට ඔවුන් පිළිගෙන ඇති බවද සඳහන්.

ළමා ලිංගික හිංසනය, ළමා සූරාකෑම, ළමා කාමුක දර්ශන සන්තකයේ තබාගැනීම, ළමා ලිංගික හිංසනයන්ට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා රැසකට එරෙහිව ඔවුන්ට නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »