
ලොව පුරා කතෝලිකයන් මිලියන ගණනක් හඬවා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කරනවා.
ඒ වනවිට උන්වහන්ගේ වයස අවුරුදු 88 ක්.
වකුගඩු අකර්මණ්‍යවීම හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් පසුවූ උන්වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්වසන මාර්ග රෝගී තත්වයක් හේතුවෙන් එතුමා පසුගියදා රෝහල්ගත කර අතර එහිදී පෙනහළු දෙකේම නියුමෝනියාව වර්ධනය වී ඇති බවද වෛද්‍යවරු පැවසුවා.
2013 වසරේ ලොව පුරා කිතුණු ප්‍රජාවගේ උත්තරීතර ආගමික නායකයා ලෙස පත්වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ, කතෝලිකයන්ට නව යුගයක් ආරම්භ කළා.

බටහිර අර්ධගෝලයේ පළමු පාප් වහන්සේ ලෙසත්, දකුණු ඇමරිකාවේ පළමුවැන්නා ලෙසත්, ජේසු නිකායික අනුපිළිවෙළේ පළමු ස්ථානයටත් එතුමන් පත්ව තිබීම විශේෂත්වයක්.
කතෝලිකයන්, කතෝලික නොවන අය මෙන්ම ක්‍රිස්තියානි ජනතාවත් අතර සමගිය ප්‍රවර්ධනය කිරීමට ගත් උත්සහය ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සැලකිය යුතු ජයග්‍රහණයක්.
2015 වසරේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වුණා.