Search

පාස්කු ප්‍රහාර විමර්ෂණ තවමත් මන්දගාමීයි – කාදිනල්තුමා කියයි

පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ තවමත් මන්දගාමීව පවතින බව කොළඹ  අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ජනාධිපතිවරයාට ඒ පිළිබඳව උනන්දුවක් ඇතත් ඒ පිළිබඳව මෙහෙයවීමට උසස් නිළධාරීන් යොදවා ඇති නමුත් පවතින නීති පද්ධතිය සහ එහි භාරව සිටින ඇතැම් නිළධාරීන් හේතුවෙන් පරීක්ෂණ මන්දගාමී වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ප්‍රධාන අනුස්මරණ දේවමෙහෙය කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ අද පැවැත්වුණා.

ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

එම දේවමෙහෙය සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් ද සහභාගී වී සිටියා.

මේ අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය 167 දෙනෙකු ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පිළගෙැනීම ද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මෙහිදී කාදිනල් තුමා ජනාධිපතිවරයාට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරනු ලැබුවා..

ඒ දැනට පාර්ලිමේන්තුවේ පුස්තකාලයට පමණක් සීමාවී ඇති ජනාධිපති කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට හැකිඉක්මනින් ඉදිරිපත් කර ජනගත කරන ලෙසයි.

එමෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිදුවන වැඩිදුර විමර්ෂණ නිරීක්ෂණය කිරීමට නඩු පැවරීමට හැකි ස්වාධීන අධි චෝදක කාර්යාලයක් ස්ථාපිත කරන ලෙසද කාදිනල්තුමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම බලවේග පිළිබඳ සොයාබලා සත්‍ය රටට හෙළිකර තරාතිරමකින් තොරව නීතිය ඉදිරියට ගෙන එන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියා.

එමෙන්ම ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ නිර්දේශ වී ඇති සියලුම යෝජනා ක්‍රියාත්මක කරන ලෙසත් චැනල් 4 නාලිකාවේ ඉදිරිපත් කළ අසාද් මවුලානා අය පිළිබඳ පූර්ණ සමීක්ෂණයක් සිදුකර ගැඹුරු විමර්ෂණයට පත්කරන ලෙසයි කාදිනල් තුමා ඉදිරිපත් කළ ඉල්ලීම් වල ඇතුලත් වන්නේ.

රට තුළ යුක්ති ගරුකභාවය සහ සංහිඳියාව විනය ආරක්ෂා කරන නීති සංශෝධනය කර දේශපාලනඥයින් පුරවැසියාගේ සේවකයෙකු මිය පාලනය කරන්නෙකු ලෙස රට මෙහෙයවීම නවතා දමන්නැයි සිය කතාව අවසානයේ දී මැල්කම් රංජිත් කාදිනල් තුමා අනුර කුමාර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »