
ඔස්ට්‍රේලියානු නිළි Madeleine West සිය හත් වන දරුවාටත් උපත ලබාදී තිබෙනවා.
47 හැවිරිදි ඇය පසුගිය සෙනසුරාදා ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සටහන් තබමින් ඇගේ අලුත උපන් බිළිඳාගේ ඡායාරූපයක් සිය රසිකයින් අතර බෙදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දරුවා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර දරුවාගේ නම හෝ ලිංගිකත්වය පිළිබඳ මෙතෙක් හෙළිකර නැහැ.
.
ඔස්ට්‍රේලියානු නිළිය මේ වනවිටත් ඇගේ හිටපු සහකරු වන ප්‍රසිද්ධ සූපවේදී ෂැනන් බෙනට් සමග දියණියන් 5 දෙනෙකු සහ එක් පුතෙකු හදා වඩා ගනිමින් සිටිනවා.

ඇගේ වයසේදී තවත් දරුවෙකු ගැබ්ගෙන ඇති බව දැනගැනීමෙන් බොහෝ අය කම්පනයට පත්වූ නමුත් ඇයට විශාල සහයෝගයක් ලැබුණු බවයි Madeleine West පවසන්නේ.
සිය ඉදිරි නිළි වෘත්තිමය කටයුතු පිළිබඳ මීට පෙර මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයකදී ඇය පිළිතුරු දුන්නේ මාතෘත්වය තම හැකියාවන්ට සීමාවක් ලෙස තමන් නොදකින අතර මවක ලෙස මේ වනවිටත් තමන්ට බොහෝ අත්දැකීම් පවතින බවයි.
