Search

ඔස්ට්‍රේලියානුවන්ට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක්

අද සහ හෙට රාත්‍රී අහසේ උල්කාපාත වර්ෂාවක් දැකගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට හැකිවනවා.

ලයිරිඩ් උල්කාපාත වර්ෂාව රාත්‍රී අහසේ පැයට උල්කාපාත 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් දක්නට ලැබෙනු ඇති බවයි නාසා ආයතනය අපේක්ෂා කරන්නේ.

එය උතුරු අර්ධගෝලයේ හොඳින් දැකගත හැකි අතර අදුරු අහසේ පියවි ඇසෙන් දැකගැනීමට ඔස්ට්‍රේලියානුවන්ටත් අවස්ථාව හිමිවනු ඇති.

ලිරිඩ් උල්කාපාත වර්ෂාව සාමාන්‍යයෙන් සෑම අප්‍රේල් මසකම සිදුවන වාර්ෂික සිදුවීමක් වනවා.

පෘථිවියේ ධූම කේතු තැචර් විසින් ඉතිරි කරන ලද සුන්බුන් සමග ගැටී ධූම කේතුවේ කුඩා අංශු වායුගෝලයට ඇතුළු වී කිලෝමීටර් 47 දක්වා විසුරුවා හරිනු ලබන බවයි නාසා ආයතනය පවසන්නේ.

මෙහි ආලෝකය කෙටි නමුත් ඉතා දීප්තිමත් ඉරි නිර්මාණය කරනු ලබන බව වාර්තා වනවා.

අනෙකුත් උප්කාපාත වැසි මෙන් නොව, මෙම උල්කාපාත ඉඳහිට ගිලි බෝල ලෙස ඉතා දීප්තිමත්ව දැල්වෙනු දක්නට ලැබෙනු ඇතැයි නාසා ආයතනය සඳහන් කළා.

මේ අතර තවත් උල්කාපාත වර්ෂාවක් ලබන මැයි මස 6 සහ 7 දිනයන්හි ඔස්ට්‍රේලියානුවන්ට දැකගත හැකියි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »