Search

NSW හි ගල්වැටි දෙකක් අතර සිරවුණු දරුවා

නිව් සවුත්වේල්ස් උතුරු වෙරළ තීරයේ ගල්වැටි අතරට ඇද වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාව් දියේ ගිලීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියයාමෙන් පසුව ඔහුගේ මරණය වාර්තා වන අතර තවත් අයෙක් තවමත් අතුරුදන් බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ සවස 3 ට පමණ නිරිත දිග රොක්ස් වෙරළ තීරයට හදිසි සේවා කැඳවා ඇත්තේ නව හැවිරිදි දරුවෙකු ගල් අතර සිරවී සිටින බවට දන්වමින්.

හදිසි සේවා අංශ ඔහුව පිටතට ගැනීමට සමත්වූ නමුත් ඔහු එම ස්ථානයේදීම මියගොස් සිට තිබෙනවා.

මේ අතර ඊයේ පෙරවරුවේ සිඩ්නි නගරයේ දකුණු ප්‍රදේශයේ මුහුදේ ගසාගෙන යාමෙන් ධීවරයෙකු මියගොස් තවත් තරුණයෙකු රෝහල්ගත කර තිබුණා.

එය පාස්කු දිනයේ දියේ ගිලී මියගිය 6 වන මරණය බවයි වාර්තා වන්නේ.

පාස්කු ඉරිදා නිව් සවුත්වේල්ස් හි දිවි බේරාගත් පුද්ගලයින් සංඛ්‍යාව 50 ක් වන අතර මහ සිකුරාදා සිට තවත් ජීවිත සියයක් පමණ බේරාගැනීමට හැකිවූ බව ජීවිත ආරක්ෂක කණ්ඩායම් කියාසිටියා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »