
මෙල්බන් හි සර්ෆ් වෙරළ තීරයේ 21 වන උපන්දිනය සමරමින් සිටි තරුණියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
සිය උපන්දිනය බාර්වෝන් හෙඩ්ස් හි කැෆේ එකක සමරමින් සිටියදී රාත්‍රී 11 ට පමණ ගැටුමක් ඇතිවී ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඒ උපන්දින සාදයට අනවසරයෙන් පිරිසක් කඩා වැදීමෙන්.

පොලීසිය චෝදනා කරන්නේ 45 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයෙන් පිටත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තුවාල ලැබූ බවයි.
බරපතල තත්වයේ පසුවූ ඇය ගුවන් මගින් රෝහල් ගත කර ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ 55 හැවිරිදි පුද්ගලයෙකුද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර තිබෙනවා.
මධ්‍යම මෙල්බන් හි ක්රෙමොන් හි පදිංචි මෙම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවයි පොලීසිය කියාසිටියේ.