
ඔස්ට්‍රේලියාවේ රැකියා අයදුම්කරුවන්ගෙන් සියයට 33 ක් අයදුම් පත්‍රයට ව්‍යාජ තොරතුරු ඇතුලත් කරන බවට නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
නොමැති සුදුසුකම් ඇති බව ප්‍රකාශ කරන අයදුම්කරුවෙකුට විශාල දඩමුදලක් හෝ උපරිම වසර 10 සිර දඩුවමක් නියම කළ හැකි බවයි සිඩ්නි හි නීතිඥයෙකු මාධ්‍යයට පවසාසිටියේ.
ඔස්ට්‍රේලියානුවන් දහසක් පමණ යොදාගෙන StandOut Resume විසිනුයි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ.

එහිදී අනාවරණය වී තිබෙන්නේ බොරුකාරයන්ට අවංක අයදුම්කරුවන්ට සාපේක්ෂව සාමාන්‍යයෙන් ඩොලර් 15,000 ක් ගෙවා ඇති බවයි.
Astor Legal හි ප්‍රධාන නීතීඥවරයෙකු කියාසිටියේ වංචනික ලෙස රැවටීමෙන් වාසි ලබාගැනීමේ වරදට වසර 10 ක උපරිම සිර දඩුවම් නියම කිරීමට අධිකරණයට හැකි බවයි.

මෑතදී එවැනි උදාහරණ රැසක් ඔස්ට්‍රේලියාවේ කැපී පෙනෙන අතර පොලිස් නිලධාරීන් සහ පාසල් විදුහල්පතිවරුන් ඒ අතර සිටින බව නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.
විශ්ව විද්‍යාල හෝ පාසල් සඳහා ඇතුලත්වීමේදී අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ව්‍යාජ තොරතුරු සැපයීම ද ඔස්ට්‍රේලියාවේ බෙහෙවින් දක්නට ලැබෙන බවයි Astor Legal හි ප්‍රධාන නීතීඥවරයා වැඩිදුරටත් කියාසිටියේ.