
ෆෙඩරල් මැතිවරණ දිනයට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ඔස්ට්‍රේලියානුවන්ට හිමිවනවා.
ඒ තැපැල් ඡන්දයෙන් හෝ පූර්ව ඡන්ද මධ්‍යස්ථානයකදීයි.
ඒ අනුව පූර්ව ඡන්ද විමසීම 2025 අප්‍රේල් 22 වන දින පාස්කු දිනට පසු අඟහරුවාදා ආරම්භ වනු ඇති.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව මැතිවරණ දිනයට දින 12 කට පෙර පූර්ව ඡන්ද විමසීම ආරම්භ කළ යුතු වනවා.
මැතිවරණයේදී දෙවරක් ඡන්දය ප්‍රකාශ කිරීමට හසු වූ ඕනෑම කෙනෙකුට දැඩි දඩුවම් ලබාදෙන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

ෆෙඩරල් මැතිවරණය ලබන මැයි මස 3 වනදින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
පූර්ව මැතිවරණ ප්‍රකාශය පිළිබඳ මාර්ගෝපදේශයන් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාගත හැකිවනවා.