
මෝටර් රථයක සිහිනයක් වෙනුවෙන් නව ව්‍යාපාරයක් ආරම්භකළ 12 හැවිරිදි දරුවෙකු පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
පර්ත් සිට කිලෝමීටර් 1,500 ක් පමණ උතුරින් පිහිටි Tom Price හිදීයි Blayde Day නම් මෙම දරුවා ජීවත් වන්නේ.
Blayde Day වසරකට පෙර හිරිහැරවලට ලක්වූ අතර ආත්ම විශ්වාසයක් ද නොමැතිව සිටීමෙන් පසු මවගේ සහය ඇතිව ඔහු සාර්ථක බින් පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා.

ඒ ඔහුගේ සිහින මෝටර් රථය සඳහා ඉතිරි කිරීම වෙනුවෙන්.
එම මෝටර් රථයේ මිල ඩොලර් 40,000 ක් පමණ වන අතර ඒ සඳහා බින් 2000 ක් පමණ පිරිසිදුකළ යුතු බවයි බ්ලේඩ් පවසන්නේ.

වසරකින් පසු ඔහුගේ ව්‍යාපාරය දියුණු වී ඇති අතර සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම පාසලෙන් පසු වැඩ කිරීමටත් සති අන්තයේ එම කාර්යයේ යෙදීමටත් ඔහු තීරණය කර තිබෙනවා.
ඔහු දළ වශයෙන් සතියකට බඳුන් 10 ක් 15 ක් පමණ පිරිසිදු කරන බවයි බ්ලේඩ් කියාසිටියේ.