
ජීවිත දෙසීය පනහකට වැඩියෙන් බිලිගත් මිලේච්ඡ පාස්කු ප්‍රහාරයට අදට වසර 6 ක් සපිරෙනවා.
අන්තවාදී කණ්ඩායමක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් 2019 වසරේ අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින ශ්‍රී ලංකාව පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා.
ඒ දේවස්ථාන 3 ක් සහ සංචාරක හෝටල් 3 ඉලක්ක කරමින්.

එහි ඉලක්කය වූයේ කිතුනු භක්තිකයන් මෙන්ම විදේශීය සංචාරකයින්.
ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පෙර අනතුරු ඇඟවීම් විටින් විට නිකුත්කර තිබියදිත් සාමාන්‍ය වැසියන් කිසිවෙකුත් එවැන්නක් නොදැන සිටීම කණගාටුවට කරුණක්.

කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, කොළඹ කිංග්ස්බරි හෝටලය, කොළඹ ෂැංග්‍රිලා හෝටලයට, මඩකලපුව සියොන් දේවස්ථානය සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයටත් දැවැන්ත ප්‍රහාර මාලාව එල්ල වුණා.
සහරාම් හෂීම් ඇතුළු අන්තවාදී මුස්ලිම් කණඩායම එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 277 දෙනෙකු මියගොස් තවත් 400 ට අධික පිරිසක් බරපතල තුවාල ලැබුවා.
කෙසේවෙතත් අදට වසර 6 ක් සැපිරෙද්දි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ නියෝග කළා.