
සංක්‍රමණිකයින් පිළිබඳ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගෙන් පුද්ගලයෙකු අසන ප්‍රශ්නයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වෙමින් පවතිනවා.
මෙල්බන් හි පිහිටි හෝටලයක ලොබිය අසල අග්‍රාමාත්‍යවරයා රැදී සිටියදීයි ඔහු මෙම ප්‍රශ්න කිරීම සිදුකෙරුණේ.
රට පුරා නිවාස ලබාගැනීමට නොහැකිව ඔස්ට්‍රේලියානුවන් සිය දහස් ගණනක් සිටින අතර, ඒ වෙනුවෙන් ප්‍රශ්නයක් ඇති බව පවසමින් ඔහු ඇල්බනීස්ගෙන් කිහිප වතාවක් ම ප්‍රශ්න කරනු ලැබුවා.

ඔස්ට්‍රේලියානුවන්ට මුල් තැන දෙන්නේ කවදාද ඔහු දිගින් දිගටම අසා සිටියේ එයයි.
පසුව අග්‍රාමාතවරයා කිසිදු පිළිතුරක් නොදී ඉන් ඉවත්වූ අතර ආරක්ෂකයින් විසින් එම පුද්ගලයාව ලොබියෙන් ඉවත් කරනු ලැබුවා.

ඇල්බනීස් රජය වසර දෙකක් තුළ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් මිලියනයකට අවසර දී ඇති අතර ප්‍රතිවාදී පීටර් ඩටන් තේරීපත්වුව හොත් වසරකට ශුද්ධ විදේශ සංකමණික අනුපාතය ලක්ෂයකින් අඩු කරන බවයි පොරොන්දු වී ඇත්තේ.