
සිඩ්නි නුවර උද්‍යානයක ඇතිවූ විශාල ගැටුමක් මැඩපැවැත්වීමට පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 10.30 ට පමණ Pyrmont හි උද්‍යානයක පුද්ගලයින් 40 දෙනෙකු පමණ ගැටුමක නිරතවෙමින් සිටි බවයි වාර්තා වන්නේ.
ඉන් අවුරුදු 24 ත් සහ 21 ත් අතර වයස්වල පසවූ පුද්ගලයින් 3 දෙනෙකු සහ තවත් වයස්ගත අයෙකු එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියාසිටියා.

ගැටුමෙන් තුවාල ලැබූ එක් අයෙකුට සහ තවත් 31 හැවිරිදි තරුණයෙකු රෝහල්ගත කර තිබෙනවා.
අත්අඩංගුවට පත් 24 හැවිරිදි තරුණයා ලබන මැයි 14 වන දින ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

21 හැවිරිදි තරුණයා චෝදනාවකින් තොරව නිදහස් කළ බවයි පොලීසිය සඳහන්කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ෆෙඩරල් පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.