Search

ඇල්බනීස් – ඩට්න් යළි ඇවිලෙයි

කුඩා ව්‍යාපාර මත පනවා ඇති බදු ලිහිල් කරන බව ඕස්ට්‍රේලියානු විපක්‍ෂ නායක පීටර් ඩටන් පවසනවා.                 

විපක්‍ෂ නායකවරයා මේ බව කියාසිටියේ සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ පැවති රාජකිය පාස්කු ප්‍රදර්ශනයට එක්වෙමින්.                  

කම්කරු රජය කුඩා ව්‍යාපාර සදහා ගෙන ඇති බදු ප්‍රතිපත්තිය එම ව්‍යාපාර විනාශයක් දක්වා ගමන් කරනු ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ.                

එදිනම එම උත්සවයට සහභාගී වු ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස්,විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් පවසා සිටියේ තම රජය පත්වු පසු පෙරට වඩා කුඩා ව්‍යාපාර සැලකිය යුතු ලෙස ප්‍රවර්ධනය වු බවයි.                                    

මේ අතර ඕස්ට්‍රේලියානු කුඩා ව්‍යාපාර සංවිධාන කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා පැවසුවේ කුඩා ව්‍යාපාර දැඩි පිඩනයකට ලක්ව ඇති බවයි.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »