මෙල්බර්න් ආසාධිතයා ඇඩිලේඩ් සිට පැමිණි Jetstar ගුවන් යානයේ සියලු දෙනා නිරෝධායනයට

මෙල්බර්න් නුවරින් හමුවූ කොවිඩ් ආසාධිතයා ඇඩිලේඩ් සිට පැමිණි ගුවන් යානයේ සිටි සියලු දෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ අනුව පසුගිය මැයි 04 වනදා ඇඩිලේඩ් සිට මෙල්බර්න් දක්වා පැමිණි Jetstar ගුවන් සේවයේ JQ771 ගුවන් යානයේ සිටි සියල්ලන් කොවිඩ් පරීක්ෂණයකට යොමු කිරීමටද සැළසුම් කර තිබෙනවා.

එහි මගීන් 100 ක් පමණ පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ සියලු ප්‍රාන්ත දක්වා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ ආසාධිතයා ගමන් කර ඇති දුම්රිය 02 ක සිටි මගීන් හඳුනා ගැනීමට සී සී ටී වී දර්ශන උපයෝගී කර ගැනීමටද පියවර ගෙන තිබෙනවා.

එම දුම්රිය දෙක වන්නේ 5:28pm from Craigieburn to Southern Cross / 10:20pm from Flinders Street to Craigieburn ය.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »