
පිළිකාවට එරෙහිව සටන් කිරීමට හැකි පළතුරු වර්ග 5 ක් සම්බන්ධයෙන් නවතම අනාවරනයක් සිදු කර තිබෙනවා.
දොඩම්, ටැංජරීන්, ස්ට්‍රෝබෙරි, මිදි සහ දෙළුම් යන මෙම පළතුරු වර්ග එම කාණ්ඩයට ඇතුලත්.
මෙම පළතුරු විටමින් සී වැනි පෝෂණ ගුණයන්ගෙන් පිරී ඇති බැවින් ඒවා පිළිකා අවදානම අඩු කිරීමට සහ නිදන්ගත රෝග වැළැක්වීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි පර්යේශකයින් පෙන්වා දෙන්නේ.

මේ අතර මෙම පළතුරු මගින් වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරන බවද සදහන්.
අධික තරබාරු බව වැලක්වීමටද මෙම පළතුරු විශාල ලෙස උපකාරී වන බව අදාල වාර්ථාවේ දැක්වෙනවා.

කිසියම් පුද්ගලයකු මෙම පලතුරු සහ කෙදි සහිත ආහාර කෑම වේලට එක්කර ගැනීම මගින් පිළිකා වර්ග 13 ක අවදානම අඩු කළ හැකි බවද අදාල පර්යේශණයෙන් වැඩිදුරටත් අනාවරන කර තිබෙනවා.