Search

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

තම ආරක්ෂක නිලධාරීන් කපා හැරීමට හේතුව පිළිබඳව චෝදනා එල්ල කර ඇති හැරී කුමරු එම තීරණය සම්බන්ධයෙන් මහාධිකරණ තීන්දුවකට එරෙහිව අභියාචනයක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එක්සත් රාජධානියේ රාජ්‍ය අරමුදල් සපයන පොලිස් ආරක්ෂාව කපා හැරීමෙන් පසු හැරී කුමරුට යවන ලද තර්ජනයකින් කියැවුණේ ඔහු ඝාතනය කිරීමට නියමිත බවයි.

අල්-කයිඩා සංවිධානය විසින් මෙම තර්ජන සිදු කරන බවටයි අනාවරන වී ඇත්තේ.

2020 වසරේ පෙබරවාරි මාසයේදී හැරී කුමරුට අයත් රාජකීය ආරක්ශාව ඉවත් කිරීමට තීරණය කෙරුණා.

රාජකීයත්වය සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ විධායක කමිටුව විසිනුයි මෙම තීරණය ගනු ලැබුවේ.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »