
කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා.
එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය චීනයේ වුහාන් නගරයේ බෝවන රෝග රසායනාගාරයකින් කාන්දු වූ රෝග කාරකයක් බවයි.
මෙම වෙබ් අඩවිය මගින් කොවිඩ්-19 වසංගතයේ මූලාරම්භය පිළිබඳ දීර්ඝ විවාදයක් නැවත සිදු කරනු ඇති බවටයි විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ.

එය ෆෙඩරල් ආයතන, ගෝලීය සෞඛ්‍ය සංවිධාන සහ කොංග්‍රස් කමිටු විසින් විමර්ශනයට ලක්කෙරෙනවා.
කෙසේවෙතත් වෛරසය ආරම්භ වූයේ කුමන ස්ථානයකින්ද යන්න පිළිබඳව තීරණය කිරීමට ප්‍රමාණවත් තොරතුරු තමන් සතුව නොමැති බව CIA සංවිධානය මීට පෙර පවසා තිබුනා.

වුහාන් වෙළඳපොළක සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය පැතිර ගිය බවටයි මේ වන විටත් තොරතුරු පවතින්නේ.
එහෙත් රසයනාගාර පර්යේශකයින් පෙන්වා දෙන්නේ වෛරසයට ස්වභාවධර්මයේ දක්නට නොලැබෙන ජීව විද්‍යාත්මක ලක්ෂණයක් ඇති බවයි.