
පාස්කු දිගු සති අන්තය ඕස්ට්‍රේලියාවේ මාර්ගවල වඩාත්ම භයානක හා කාර්යබහුලම කාලයක් බව පොලීසිය පවසනවා.
නිවාඩු ගත කිරීමට මෙන්ම ආදරණීයන් බැලීමට යාමට විශාල රථ වාහන ප්‍රමාණයක් මාර්ග වලට එක්වීම් ඊට හේතු වී තිබෙනවා.
නීති විරෝධී හැසිරීම් වැළැක්වීමේ උත්සාහයක් ලෙස පොලිසිය ද වීදිවලට පැමිණීමටයි පියවර ගැනුනේ.

සිඩ්නි නගරයේ රාජකීය පාස්කු සංදර්ශනයට ඇතුළු වන විනෝදකාමීන් ඉලක්ක කර ගනිමින් අහඹු ශ්වසන පරීක්ශණද පොලීසිය විසින් සිදු කරනු ලැබුවා.
මෙහිදී මධ්‍යසාර භාවිත කරමින් රථ වාහන ධාවනය කල කිහිම දෙනෙකු හදුනා ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

පොලීසිය පවසන්නේ රියදුරු බලපත් නොමැතිව ධාවනය කල අයකු සහ පෙර දිනයේදී බලපත් ලබා ගෙන වාහන ධාවනය කල අයකුද අත්ඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි.