
නිව් සවුත්වේල්ස් Central Tablelands භූමියේ දඩයම් චාරිකාවක නිරතවූ පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අද පෙරවරුවේ 70 හැවිරිදි පියා සහ 47 හැවිරිදි පුත්‍රයා දඩයමේ නිරතව සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.
දකුණු උරහිසට වෙඩි වැදීමෙන් තුවාල වූ පියා ගුවන් මගින් වෙස්ට්මීඩ් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

තුවක්කුව සකසමින් සිටින අතරතුර සිය පුත්‍රයාගෙන් අත්වැරදීමකින් වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරය මෙන්ම දඩයමේ යෙදීම සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කරන බවයි ෆෙඩරල් පොලීසිය වැඩිදුරටත් කියාසිටියේ.
