Search

වෙරිබි හි උපත ලැබූ සිංහ පැටවාට සිදුවූ අවාසනාවන්ත සිදුවීම

වික්ටෝරියාවේ සත්වෝද්‍යානයක උපත ලැබූ සිංහ පැටවා මියගොස් ඇතැයි වාර්තා වනවා.

‘precious’ නම් මෙම පැටවාට සිංහ ධේනුව අනපේක්ෂිත ලෙස කිරි ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් වකුගඩු ගැටළු ඇතිවීම මියයාමට හේතුව බවයි තහවුරු වී ඇත්තේ.

වෙරිබි ඕපන් රේන්ජ් සත්වෝද්‍යානය කියාසිටියේ සති තුනක් පමණ වන සිංහ පැටවා පසුගිය ඉරිදා ජීවිතක්ෂයට පත්වූ බවයි.

පැටවා උදාසීනත්වය, දුර්වලතාවයන් පෙන්වීමට පටන් ගත් බව වාර්තා වන අතර එමගින් සත්වෝද්‍යානයේ විශේෂඥ පශු වෛද්‍යවරුන් හදිසි පරීක්ෂණයක් ද සිදුකර තිබෙනවා.

කෙසේවෙතත් පශු වෛද්‍යවරුන් පවසා ඇත්තේ පැටවාට සුවය ලැබීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි.

එබැවින් දුක්විඳීම වැළැක්වීම සඳහා දයානුකම්පිත හා මානුෂීය තීරණ මත පැටවා අනායාසයෙන් මරණයට පත්කළ (euthanise) බවයි ඔවුන් පවසා ඇත්තේ.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »