
ඔස්ට්‍රේලියාවේ පාස්කු නිවාඩුවේ දියේ ගිලීමෙන් සිදුවූ පස්වන පුද්ගල මරණයත් වාර්තා වී තිබෙනවා.
නිව් සවුත්වේල්ස් දකුණු වෙරළ තීරයේ ධීවරයෙකු මුහුදට ගසාගෙන යාමෙන් අද ජීවිතක්ෂයට පත්වුණා.
ඊයේ උදෑසන මෙල්බන් සිට කිලෝමීටර් 125 ක් දුරින් පිහිටි සැන් රෙමෝ වෙරළ තීරයට හිදිසි සේවකයින් කැඳවා තිබුණේ පුද්ගලයින් 3 දෙනෙකු ජලයට ගසා ගෙන ගිය බවට වාර්තා වීමෙන්.

එහිදී එක් කාන්තාවක් නැවත වෙරළ පැමිණීමට සමත් වූ අතර තවත් කාන්තාවක් සහ පුද්ගලයෙකු මියගියා.
ඊයේ උදෑසන වොලොන්ගොං වරායේ දියේ ගසාගෙන යාමෙන් තවත් 58 හැවිරිදි ධීවරයෙකු මියගිය බවයි වාර්තා වුණේ.

මේ අතර සිකුරාදා උදෑසන සිඩ්නි හි පහළ උතුරු වෙරළේ මොස්මන් හි දී තවත් පුද්ගලයෙකු දියේ ගිලී මිය ගිය සිටි අතර ඔහු පිළිබඳ නිළ වශයෙන් හඳුනාගෙන නැහැ.
දිගු සති අන්තයේ ජලය ගැන සැලකිලිමත් වන්නැයි බලධාරීන් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
නිව් සවුත්වේල්ස් කාලගුණ විද්‍යා කාර්යංශය අනතුරු අඟවන්නේ Byron coast, Coffs coast, Macquarie coast, Hunter coast, Sydney සහ the Illawarra වෙරළ ප්‍රදේශයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි.
එම ප්‍රදේශවල මසුන් ඇල්ලීම, බෝට්ටු පැදීම සහ පිහිනීම් වැනි ක්‍රියාකාරකම් සඳහා යොමු නොවන ලෙස කාලගුණ විද්‍යා කාර්යංශය දැනුම්දෙනවා.
පසුගිය වසර 20 ක කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් 118 දෙනෙකු පාස්කු සමයේ දියේ ගිලී මියගොස් ඇති බවයි දත්ත වාර්තා මගින් අනාවරණය වී ඇත්තේ.