
යොවුන් ආසියාතික මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කළ තරුෂි අභිෂේකා රන් පදක්කමක් දිනා ගැනීමට සමත් තිබෙනවා.
ඊයේ පස්වරුවේ සවුදියේ දමාම් නුවර 6 වැනි වරටත් පැවති තරතඟයේදීයි ඇය මෙම රන් පදක්කම දිනා ඇත්තේ.
මේ අතර පිරිමි මීටර් 800 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශවිඳු අවිශ්කට හැකිවුණා.

එමෙන්ම තුන්පිම්ම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට
දිල්කි නෙහාරා සමත් ව තිබෙනවා.

පිරිමි උස පැනීමේ තරගයෙන් නේත්‍ය සම්පත් ද ලෝකඩ පදක්කමක් දිනා ගත් බවයි වාර්තා වන්නේ.
මෙඩ්ලි සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කම හිමි කරගත්තේ දෙවන ස්ථානයට පත්වෙමින්.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නව ජාතික වාර්තාවක්ද පිහිටවූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.