
ඔස්ට්‍රේලියානුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු කාඩ්පත් වංචාවන්ට මුහුණ දී ඇතැයි නවතම දත්ත වාර්තාවකින් හෙළිවී තිබෙනවා.
2023- 24 මූල්‍ය වර්ෂයට අනුව ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.
ණය කාඩ්පත්, හැඳුනුම්පත්, මුදල් හෝ පෞද්ගලික තොරතුරු දත්ත බාගත කිරීම් වැනි වංචා මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.

ඒ අනුව කාඩ්පත් වංචා 2023-24 මූල්‍ය වර්ෂයේ 9.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් මිලියන 2.1 ක් කාඩ් පත් වංචාවට මුහුණදී තිබෙනවා.

2022-23 දී 2.5% ක් වූ scam වංචාවට ගොදුරුවූවන් 2024 මූල්‍ය වර්ෂයේදී 3.1% දක්වා වැඩි වී ඇති බවද සඳහන්.
ඔස්ට්‍රේලියානුවන් 255,100 දෙනෙකු හැඳුනුම්පත් වංචාවට ලක්ව ඇති බවයි ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය කියාසිටින්නේ.
මේ අතර කාඩ් පත් වංචාවෙන් සිදුවූ මූල්‍ය අලාභය වන්නේ ඩොලර් බිලියන 2.1 ක්.
2023-24 වසරේදී වංචාවට ලක්වූ පුද්ගලයින්ගෙන් 675,300 දෙනෙකුගෙන් පිරිමින්ට වඩා කාන්තාවන් වංචාවන්ට ලක්ව ඇති බව ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය කියාසිටියා.