
ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය සාප්පු සංකීර්ණයක පපුවේ උසින් රාක්කවල සවි කර ඇති නව කැමරා පද්ධතියක් හේතුවෙන් පාරිභෝගිකයින් කනස්සල්ලට පත්ව සිටිනවා.
වුල්වර්ත්ස් හි ශාඛා කිහිපයක නව කැමරා, රාක්ක යට, මිල ටැග් අසල දක්නට ලැබෙන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.
වූල්වර්ත්ස් සිය කැමරා පද්ධිතය පිළිබඳ දැන්වීමක සටහන් කර ඇත්තේ නිෂ්පාදන ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා මෙම වෙළඳසැලේ නව කැමරා තාක්ෂණය අත්හදා බලමින් සිටින බවයි.

කෙසේවෙතත් පාරිභෝගිකයින් රැසක් වූල්වර්ත්ස් අතහැර වෙනත් වෙළඳසැල් වෙත ඇදීයාමට පෙළඹී සිටිනවා.
මේ අතර වූල්වර්ත්ස් කියාසිටියේ 2023 වසරේ සිට මෙම කැමරා අත්හදා බැලීම ශාඛා 15 කට වැඩි ප්‍රමාණයක සිදුකෙරෙමින් පවතින බවයි.

ගණුදෙනුකරුවන්ට අවශ්‍ය භාණ්ඩ වඩාත් පහසුවෙන් මිලදී ගැනීමටත් රාක්කයන් හි නිෂ්පාදන නැවත ගබඩා කිරීමට සේවකයින්ගේ අවදානය යොමුකීමත් මෙහි මූලික අරමුණ වන බව වූල්වර්ත්ස් අවධාරණය කළා.