කසළ ලොරියේ දරුවාගේ මරණය ගැන පුලුල් විමර්ශනයක්

අපද්‍රව්‍ය බඳුනක නිදා සිටියදී කසල ලොරියකට දමා ගැනීමෙන් මියගිය 13 හැවිරිදි දරුවාගේ මරණය පිළිබඳ දැඩි කථාබහක් නිර්මාණය වී තිබේ.

දකුණු ඔස්ටේ්‍රලියාවේ Port Lincoln හි කර්මාන්ත ශාලාවකිනුයි මෙම සිදුවීම වාර්තා වූයේ.

දරුවන් 03 දෙනෙකු එම බඳුනේ සිට ඇති අතර එක් අයෙකු සුලු තුවාල ලබා ඇති අතර අනෙක් දරුවා නිරුපද්‍රිතව දිවි ගලවාගෙන ඇත.

කසළ ලොරියේ රියදුරු පවසා ඇත්තේ දරුවන් සිටින බවක් නොදැන තමන් අපද්‍රව්‍ය බඳුන ලොරියට දමා ගත් බවයි.

වයස අවුරුදු 11 ක 12 ක සහ 13 ක දරුවන් 03 දෙනෙකු මෙලෙස කසළ බඳුනක නිදා සිටියේ කුමන හේතුවක් නිසා දැයි සෙවීමට මේ වනවිට විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »