
මෙම දීර්ඝ සති අන්තයේ ඔස්ට්‍රේලියනුවන්ගේ වියදම් දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පර්යේෂණයකින් අනාවරණ වී ඇත්තේ කැෆේ, අවන්හල් වෙත යාම සදහා ඕස්ට්‍රේලියානුවන් අමතර ඩොලර් මිලියන 98.4 ක් වැය කරන බවයි.
අඛණ්ඩව දින 4 ක් සදහා යෙදුනු මෙම නිවාඩු දින හේතුවෙන් ඔවුන් මෙම වියදම් දරන බවයි වාර්තා වල දැක්වෙන්නේ.

කෙසේවෙතත් ආර්ථික විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ නිවාඩු දින වලදී පුද්ගලික ආහාර වෙලදුන් අමතර බද්දක් ආහාර සදහා එක්කරන බැවින් පාරිභෝගිකයින් ඒ පිලිබද සැළකිලිමත් විය යුතු බවයි.
කෙසේවෙතත් මෙම කාලය තුළ ව්‍යාපාරිකයින්ට ආර්ථික ප්‍රතිලාභ වැඩි වශයෙන් හිමි වන බවද විශ්ලේශකයින් පෙන්වා දෙනවා .

එහෙත් ඔවුන් සදහන් කරන්නේ පාරිභෝගිකයින්ට ඉන් පසුව එලැඹෙන කාලයේදී අපහසුතාවන්ට මුහුනදීමට සිදුවන බැවින් වියදම් පාලනයට පියවර ගන්නා ලෙසයි.