
ඕස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය වන craft බියර් ව්‍යාපාරයක් වන ෆොක්ස් ෆ්‍රයිඩේ ආයතනයපරිපාලනයේ වෙනසක් සිදු කර තිබෙනවා.
එමගින් ප්‍රාන්ත තුනක මෙහෙයුම් සදහා දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අභියෝගයට ලක්ව ඇත්තේ හොබාර්ට්, මෙල්බන් සහ පර්ත් යන නගරවල තිබෙන ෆොක්ස් ෆ්‍රයිඩේ ආයතනයි.

එම ආයතනය හෝබාර්ට් හි උතුරු උපනගරයක් වන ටස්මේනියාවේයි ආරම්භ කෙරුනේ.
මෙහි නිර්මාතෘවරුන් පෙන්වා දී ඇත්තේ අවාසනාවකට මෙන් මෙම ස්ථානය සැලකිය යුතු මූල්‍ය අභියෝගවලට මුහුණ දී ඇති බවයි.

මෙම තීරණයේ ප්‍රතිඵලයක් ලෙස එම ආයතනයට අනුබද්ධ සමාගම් අනාගතයේදී හොඳින් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ශා කරන බවයි ආයතනයේ හිමිකරුවන් නිකුත් කල නිවේදනයක් දැක්වෙන්නේ.