Search

එරොල් නිසා මුහුදේ ජල මට්ටම් ඉහළට ?

එරොල් සුළි කුණාටුව වයඹ දිග මුහුදු තීරයට ඇතුලු වීම පිලිබද කාළගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

වයඹදිග ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙම සුළි කුණාටුව මගින් බලපෑම් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

අදාල ප්‍රදේශවල පදිංචි කරුවන් සුළි සුළං සහ තද වර්ෂාවෙන්ද ප්‍රවේශම් වන ලෙස කාලගුන බලදාරීන් දැනුම් දෙනවා.

බෲම් සිට කිලෝමීටර 435 ක් පමණ වයඹ දෙසින් පැවති මෙම සුළි කුණාටු තත්වය ඊයේ දිනය පුරා දුර්වල වී වෙරළ හරහා ගමන් කෙරෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

සුළං වෙරළට ගමන් කරන විට තරමක් සැලකිය යුතු වර්ෂාවක් ඇති වන බවද කාළගුණ අනාවැකියේ සදහන්.

මෙම කාල සීමාව තුලදී කුරි බොක්ක සහ බෲම් අතර ඇති විය හැකි වර්ෂා තත්වය හේතුවෙන්  මුහුදේ ජල මට්ටම් සාපේක්ශව ඉහල යා හැකි බවද නිවේදනය කර තිබෙනවා.