Search

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

සංක්‍රමණික සීමාවන් හේතුවෙන් නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතා හිඟය ඔස්ට්‍රේලියාවේ නිවාස අඩුවීමට දැඩිව බලපා ඇති බවයි එහි පර්යේෂකයින් කියාසිටින්නේ.

ප්‍රජා විරෝධය, දේශපාලනය වැනි හේතූන් මත නිවාස සඳහා නව ඉඩම් නිදහස් කිරීමට ප්‍රාන්ත රජයන් මන්දගාමීවීම මීට තවත් හේතුවක් බව ඔවුන් පෙන්වාදෙනවා.

එමෙන්ම ඉදිකිරීම් සඳහා නව තාක්ෂණය යොදාගැනීම තුලින් ඉදිකිරීම් කාලය 50% කින් අඩුකර මිල ඉහළ දැමීමකින් තොරව නිවාස මිලට ගත හැකි වන බව විශ්ලේෂකයින්ගේ මතයයි.

ඒ සඳහා පෙර සැකසූ සහ මොඩියුලර් ගොඩනැගිලි කොටස් ඉදිකිරීම් ස්ථානයේ එකලස් කිරීමකට යොමුකළ හැකි බවද ඔවුන් පෙන්වාදෙනවා.

එමෙන්ම මිල ඉහළ දැමීමකින් තොරව නිවාස සැපයුම වැඩි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට වෙනත් රටවල අත්දැකීම් ලබා ගත හැකියි.

ෆින්ලන්තය නිවාස නොමැතිකම සැලකිය යුතු ලෙස අඩු කර ඇති අතර සීමිත ආදායමක් ඇති පවුල් සඳහා ස්ථාවර නිවාස විකල්ප නිර්මාණය කර තිබීම ඊට හේතුවයි.

ඉදිකිරීම් කාලසීමාවන් වේගවත් කිරීම සහ වියදම් අඩු කිරීමේ ක්‍රමයක් ලෙස දශක ගණනාවකට පෙර සිංගප්පූරුවේ මහා පරිමාණ prefab පොදු නිවාස ආරම්භයද සුදුසු පියවරක් බවයි Grattan ආයතනය කියාසිටින්නේ.