Search

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

කටාර්හි පලස්තීන ඡායාරූප ශිල්පී සමාර් අබු එලූෆ් විසින් නිව් යෝර්ක් ටයිම්ස් සගරාව සදහායි මෙම ඡායාරූපය ගෙන ඇත්තේ.

වයස අවුරුදු 9 ක් වන මෙම දරුවාගේ දෑත් උරහිසට පහලින් අතුරුදන්ව ඇති ආකාරය මෙම ඡායාරූපයේ දැක්වෙනවා.

දෑත් අහිමි බව දැනගත් විගස සිය දරුවා තමා සමග ප්‍රකාශ කල කරුණක් සම්බන්දයෙන් දරුවාගේ මව සිහිපත් කරන්නේ ඉතා කණගාටුවෙන්.

අම්මේ මම දැන් ඔබ වැලද ගන්නේ කෙසේදැයි සිය දරුවා ඇසූ ආකාරය තමාට කිසිදා අමතක නොවන බවයි එම කාන්තාව පවසන්නේ.

රටවල් 141 ක ඡායාරූප ශිල්පීන් 3778 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද ඡායාරූප  59,320 කින් ජයග්‍රාහී ඡායාරූපය තෝරාගෙන තිබෙනවා.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »