
නිව් සවුත්වේල්ස් මධ්‍යම වෙරළ තීරයේ පිහිටි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ නිවස ඉදිරිපිට පුදුගලයෙකු උද්ඝෝෂණයක නිරත වනවා.
ඒ ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස අර්බුදය පිළිබඳ අවධානය යොමු කිරීමේ අරමුණින්.
අගමැතිවරයාගේ නිවස ඉදිරිපිට කූඩාරමක් සවිකර මෝගන් කොක්ස් නම් මෙම පුද්ගලයා කියාසිටින්නේ කුලී වියදම් ඉහළයාම හේතුවෙන් තම පවුලට සිඩ්නි නගරයෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි.

ඔහුගේ නිවාස කුලිය සතියකට ඩොලර් 180 කින් වැඩිවී ඇති අතර එය වසරකට ඩොලර් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වනු ඇති.
ඔහු චෝදනා කරන්නේ රැකියා 2 ක් කළත් එම කුලී වියදම සිය පවුලට දැරිය නොහැකි බවයි.

රට තුළ පවත්වා ගත හැකි මට්ටමට සංක්‍රමණ කළමණාකරණය කළ යුතු බවත් සංක්‍රමණිකයින්ට තමා විරුද්ධ නොමැති බවත් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළා.
ඒ වෙනුවෙන් බදු ප්‍රතිසංස්කරණය කර ශිෂ්‍ය නිවාස සඳහා විශ්ව විද්‍යාල විසින් වැඩි ආයෝජනයක් සිදුකළ යුතු බවත් ගැටළුවට විසදුම් සාකච්ඡා කිරීම සඳහා ඕනෑම දේශපාලනඥයකු සමග සංවාදයක යෙදීමට තමන් කැමති බවයි උද්ඝෝෂකයා වැඩිදුරටත් කියාසිටියේ.