
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හාවර්ඩ් ඇතුළු ඇමෙරිකානු විශ්වවිද්‍යාල සඳහා අරමුදල් කපා දැමීමට සූදානම් වනවා.
හාවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් ධවල මන්දිරයෙන් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසුවයි මෙම තීරණයට එළැඹ ඇත්තේ.
මෙම කීර්තිමත් විශ්වවිද්‍යාලය සඳහා ෆෙඩ්රල් අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා අත්හිටුවන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ පළමු ප්‍රධාන ඇමෙරිකානු විශ්වවිද්‍යාලය බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර, ධවල මන්දිරය තම ප්‍රජාව “පාලනය” කිරීමට උත්සහ කරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ෆෙඩ්රල් අරමුදල්වලින් ඩොලර් බිලියන 9කින් සුළු කොටසක් බවයි එහි පරිපාලකයින් පවසන්නේ.

එහෙත් මෙම නියෝග හේතුවෙන් ට්‍රම්ප් යටතේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල අධ්‍යයන නිදහස පිළිබඳ ප්‍රශ්න මතු වීමට ඉඩ ඇති බවට එරට වාර්තා කරනවා.